ඇය කාන්තාවක් - වයස අවුරුදු 115 යි

පුංචි කාලයේ ගස් නැගීමටත් වතුරට පැන පිහිනීමටත් ඇය ඉතා දක්‌ෂතා දැක් වූ බව ඇයගේ නෑදෑයෝ පවසති.
පළමුවන ලෝක යුද්ධය සමයේදී ගුරුවරියක ලෙස පත්වීමක් ලැබ ජෝර්ජියාවට සේන්දු වූ ඇය එක්‌දහස් නවසිය විසිගණන්වලදී විවාහ වූවාය. සිය සැමියා සමඟ (කූපර් මහතා සමඟ) ඇය වසර 40 ක් යුග දිවිගත කළ අතර මීට වසර පනහකට පමණ පෙර ඔහු මියගොස් තිබේ. ඉන්පසුව වයස අවුරුදු 105 දක්‌වාම ඇය තනිවම තම නිවසේ ගත කර ඇත්තේ එම නිවෙස අත්හැර යැමට තිබූ අකමැත්ත නිසාය. දැනට ඇස් පෙනීම ටිකක් අඩු අතර, කන් ඇසීමද ටිකක් අඩු බව ඇගේ දූ දරුවෝ කියති.
කූපර් යුවළට දරුවන් සිවු දෙනෙකි. ඔවුන් විවාපත් වූ පසුව දරු මුණුබුරන් දුසිම් ගණනක්‌ද ඒ දරුමුණුබුරන් ලොකු මහත් වී විවාහපත් වූ පසුව තවත් නව පරපුරක මුණුබුරු (great grand children) මිණිබිරියන් දුසිම් ගණනක්‌ද ඇයට නෑකම් කියති.
2009 වසරේදී ඇයගේ 113 වැනි උපන් දින උත්සවය පැවැත්විණි. එදින ඇය කිවේ "මා මගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඒ එක්‌කම මම ඔය කඩචෝරු වගේ දහ ජරාව කන්නේ නෑ" කියාය.
කඩචෝරු කෑම කෙසේවත් හොඳ දෙයක් නොවේ. ඔබත් කඩචෝරු කෑමෙන් වැළකී දිගු කාලයක් ජීවත්වීමට වාසනාව ඇත්දැයි උත්සාහකර බලනවා. නම් හොඳයි නේද?
********
බදුල්ලේ තල්දෙන ගම්මානයේ ජීවත් වූ අවුරුදු 115 ක් වයස් ගත වූ රන් මැණිකා නම් මාතාවක් පසුගියදා මිය ගිය පුවත ගිය සතියේ පුවත් පත්වල පළ විය.
ඉහත සඳහන් වන්නේ ගිනස් වාර්තා පොතේ සඳහන් වන කාන්තාවක් පිළිබඳ පුවතකි.
රන්මැණිකා මාතාවට නිවන් සුව අත්වේවායි අපි පතමු.
No comments:
Post a Comment