Tuesday, February 22, 2011
Saturday, February 19, 2011
Thursday, February 17, 2011
රූමතියන්ගේ Facebook, නිරුවත් කරන මගඩියක්
රූමතියන්ගේ Facebook, නිරුවත් කරන මගඩියක්
වහාම පැමිණිලි කරන්න
යුවතියන්ගේ ෆේස් බුක් ගිණුමට හොරෙන් ඇතුළු වී ඒවායේ රහස් පද සොරාගෙන එම යුවතියන්ගේ නමින් අසභ්‍ය වෙබ් පිටු පවත්වාගෙන යාම ඇතුළු පරිගණක වංචා පිළිබඳ පැමිණිලි විශාල ලෙස මේ වනවිට ලැබෙමින් තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
පරිගණක වංචාවන් පිළිබඳව දැනුම් දීමට මෙරට පිහිටුවා ඇති මෙම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු පැවසුවේ සිය ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පසුගියදා මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම හමුවේ මෙසේ විශාල ලෙස පැමිණිලි ලැබෙමින් තිබෙන බවයි.
“මේ මාසයේ පමණක් පරිගණක වංචා පිළිබඳ පැමිණිලි 50 ක් විතර අප ආයතනයට ලැබී තිබෙනවා. මේ අනුව, ලැබී තිබෙන සමස්ත පැමිණිලි ප්‍රමාණය 240 ක් විතර වෙනවා.“
යනුවෙන් පල්ලියගුරු මහතා “තම්බපනේ“ ට කීය.
මෙම පැමිණිලි වලින් 40 ක් පමණ ෆේස්බුක් රහස් පද සොරකම් කරගෙන ඒවා නැවතත් ලබාදීමට මුදල් ඉල්ලා සිටීම් පිළිබඳව බවත් මේ පිළිබඳව රහස් පොලීසියට දැනුම් දී අදාළ වංචාකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
“තවත් පැමිණිලි 10 ක් විතර ලැබිල තිබෙනවා, යුවතියන්ගේ ෆේස් බුක් රහස් පද සොරකම් කරගෙන, එම යුවතියන් පවත්වාගෙන යන ආකාරයට අසභ්‍ය ඡායාරූප පළකරන වෙබ් පිටු ගැන. මෙහිදී, එම යුවතියන්ගේ මුහුණේ ඡායාරූප වලට නිරුවත් කාන්තා රූප අමුණා මෙම නිරුවත් රූප නිර්මාණය කර තිබෙනවා. මීට අමතරව, ණයපත් තොරතුරු සොරකම් කිරීම් පිළිබඳ පැමිණිලි, වෙබ් අඩවි හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් අතුළුවීම් පිළිබඳ පැමිණිලි මේ අතර තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි පැමිණිලි තිබේ නම් අප ආයතනයට මේ පිළිබඳව නොපමාව යොමු කරන්න කියලයි.“
යනුවෙන්ද රෝහණ පල්ලියගුරු මහතා සඳහන් කළේය.
යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.
මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) දැනුම් දෙන්න.
Sunday, February 6, 2011
Wednesday, February 2, 2011
Monday, January 24, 2011
Subscribe to:
Posts (Atom)






















live cricket













